Ghost Writing…

GOT STUCK WITH YOUR ASSIGNMENTS???

THINK YOU COULD USE MORE HELP???

Assistance provided in assignments and dissertations in Business management, marketing, HR degrees,diplomas and MBA

write with details to me..  g_writer_a@yahoo.com

 

 

Posted in Uncategorized | 2 Comments

යාළුවෝ…

යාළුවෝ කියන්නෙ කවුද? හැමදාම කතා කරන.. හම්බවෙන.. එක කෑම එක බෙදාගෙන කන…ගෙදර ගියාමත් phone එකෙන් වරු ගනන් කතා කරන.. එකට ගමන් බිමන් යන අයද?

පොඩ්ඩ වැරදුනත් හීපාරවල් වගේ වචන වලින් දමාගහලා .. “මගේ හිත දැන් පිරිසිදුයි” කියලා මොකුත් උනේ නෑ වගේ ඉන්න අයද?

අවුරුද්දකින් කතානොකරත් මුනගැහුන ගමන් තමන්ගෙ හිතේ තියන හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් අයද?

දුකේදි වගේම සැපේදිත් කාරනාව අහන්නෙ නැතුව මාව හිනස්සන්න පුළුවන් අයද?

තමන්ට මොන කරදර තිබුනත් , කොච්චර busy උනත් මට කියන්න තියනදේ අහගෙන ඉන්න පුළුවන් අයද?

 

Posted in සිතුවිලි | 2 Comments

සිතුවිල්ලක්…..

මහ පාරවල් දිගේ තනියම රෑ වෙලා ගෙදර එද්දි…අනෝරා වැහි  වැටෙන හැන්දෑවල දරුවො මට ගුලිවෙලා ඉන්දෙදි..මට ඔයාව මතක් උනා..පරණ පින්තූර හොයාගෙන ගියා මූණ මතක තිබුන නැති නිසා. ඔයා කොච්චර ලස්සනට හිටියද? ඔය උරහිසේ ඔළුව ඔබාගෙන මම කොච්චර දවස් හිත රවටගෙන ඇත්ද? ඒත් මට තිබුනා ආරක්ෂාවක්.. හයියක්.. තනියම ජීවිතේට මූනදෙන එක කොච්චර අමාරුද කියලා තේරෙන්නෙ ප්‍රශ්න එනකොට… තාම දරුවො පොඩි නිසා ගානක් නෑ.. ඒත්  එයාලා ලොකුවෙනකොට???

Posted in Uncategorized | Leave a comment

මාව මතක තියාගන්න…

පහු උන සති කීපයෙම හිටියෙ පුදුම වැඩ ගොඩක.. පොඩි උන්ටික exams වලට ගියා.. එයාලට වඩා බයවෙන්නෙ මම.. අවුරුදු 16ක් උගන්නලත් තාමත් exams කියන්නෙ හරිම stress full කාලයක්,, සමහරවිට ඒ ළමයින්ගෙ හිත් සැලෙන හැටි, බලාපොරොත්තු වෙනදට වැඩිය මට දැනෙන නිසා වෙන්න ඇති.. කොහොමත් ගොඩක් සංවේදී උනාම ප්‍රශ්න වැඩියිනේ…

මම ඉතින් දිගට හරහට films බලාගෙන බලාගෙන ගියා… හිතට කරදර වැඩි උනාම කරන එකම දේ ඒක.

ඒත් මම වැ‍ටුනේ හරිම අමාරුවක.. මොකද බලපු එක film එක දවස් ගානක් මගේ හිතේ වැඩ කරපු නිසා..

ළමයි දෙන්නෙක් තමන්ගෙ තාත්තගෙ ආදරය වෙනුවෙන් කරන මානසික අරගලයක්.. තාත්තා අම්මාගෙන් වෙන්වෙලා හිටියත් සල්ලි අතින් ලමයින්ට කිසි අඩුවක් කරේ නැතත්.. තමන්ගෙ ළමයින්ට සවන් දෙන්න.. එයාලත් එක්ක විනෝද වෙන්න.. එයාලට ආදරය කරන්න.. තාත්තට වෙලාවක් නෑ. පොඩි ළමයා විශාල මානසික පීඩනයකිනුත් ලොකු ළමයා තාත්තගෙ ආදරය වෙනුවෙන් සටන් කරන තත්වයකටත් පත් වෙනවා.. තාත්තා මේ ලමයින්ව අඳුරගන්නකොට ලොකු පුතා සිය දිවි නසාගෙන.. දෙවනියා තමන්ගෙ ඇස් ඉස්සරහා මැරිලා.. තුන්වෙනි දුව මානසිකව හොඳටම වැටිලා…(බලන්න මෙතනින්…. )

මගේ  වටේ ඉන්න ළමයි කී දෙනෙක් මේවගේම තමන්ගෙ අම්මගෙ තාත්තගෙ ආදරය වෙනුවෙන් හඬා වැටෙනවද?

සමහර අය ගොඩක් දඟයි.. සමහර අයට දරාගන්න බැරි  තරමට තරහා යනවා, සමහර අය දකින දකින කොල්ලො එක්ක, කෙල්ලො එක්ක affairs පටන් ගන්නවා, තව සමහර අය බොරු කියනවා.. නියපොතු කන එහෙම නැත්තන් වැඩකර කර ඉඳලා එකපාරට පන්තියෙ වැඩ පැත්තක තියලා කථාකර කර ඉන්න හදන ලමයෙක් ඉන්නවානම් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් තියන ළමයෙක්.

මේ හැම වෙලාවකම මම පුදුම විදියට අසරණ වෙනවා. මොකද අවුරුදු 12ක 13ක ළමයෙකුට සමාජයගැන.. මිනිස්සුන්ගෙ අවශයතාගැන අවබෝධයක් දෙන්න හරිම අමාරු නිසා. එයාලා ගොඩක් වෙලාවට තමන්ට ආදරය නොලැබෙනකොට, කරන්නෙ වෛර කරන එක. ඒ වෛරයට ලක් වෙන්නෙ තමන්ගෙම අම්මා හරි තාත්තා හරි නම්.. ඒ තත්වය හරිම සංවේදියි නේද?

මම කතාවක් කියන්නම්..ඒ පුතාට ගෙදර තියන තත්වය කොච්චර දරුණුද කිව්වොත්.. තාත්තා එක්ක එකට කෑම කාපු එක දවසක් වත් මතක නැති තරම්.. අම්මා පිටරට.. ඒ නිසා මුනගැහෙනෙ නිවාඩු කාලෙට විතරයි. ඒත් එයා අම්මා ලඟට යන්න කැමති නැත්තෙ අම්මා නිතරම  “මම කරපු ලොකුම වැ‍රැද්ද ළමයි හදපු එක” කියලා කියන නිසා.. ඒ වගේම අම්මාගෙ ජීවිතේ ඉන්න අනිත් පිරිමි යාළුවන්ට තියන අකමැත්ත. ගෙදර ගියාම කාමරේට වෙලා දොර වහ ගන්න මෙයා පහුවදා ඉස්කෝලෙ එනකල් ඉන්නෙ ඒ කාමරේ ඇතුලෙ. ඔක්කොම අවශයතා කියන්නෙ,driver ට.කොයි තරම් යාන වාහන තිබුනත්.. අතෙ සල්ලි තිබුනත්.. තම්න්ට ඔනෙ කියලා හිතන හැම දේම තිබුනත්.. මේ ළමයින්ගෙ හිත් ඇරලා බලන්න පුළුවන් උනදාට ඒ අම්මලා තාත්තලාට මොනවා හිතේවිද?? අපි දුක් ගන්නාරාළලා විතරයි..

දවස පුරාම ළඟ තියාගෙන හුරතල් කරකර හිටපු ඒ වගේ ළමයෙක් මේ සැරේ exam  එකට ගියේ කකුල්දෙක අතගාලාම වැඳලා.. “මිස් නැත්තන් මම මෙතන නෑ” කියලා….ගුරු ජීවිතේ තියන සතුට තමයි ඒ..

Posted in සිතුවිලි | 3 Comments

:)

කතා 2 ක් ලිව්වා.. ලියපු වේගේ වැඩිද මංදා..

තව කතා ගොඩක් හිතේ තියනවා.. ලියන්නම් හෙමින්..
http://oyayimamayi.blogspot.com වල comment කරපු අයට ගොඩක්ම thanks.. කියවපු අයටත්…
මේ අතරෙ “වල් පල්”  ලියන්න එපා කියලා බැනපු අයත් හිටියා.. 😀
ගල් වගේම මල් සතුටින් බාර ගත්තා ඔන්න….
Posted in Uncategorized | Leave a comment

සාධාරනය….

ඔන්න මේ week end එකෙත් කථාවක් ලිව්වා.. කියවන්න

http://oyayimamayi.blogspot.com/2011/05/blog-post_21.html

මේ සේරම ලංකාවෙ කවුරුහරි පුද්ගලයෙක් ඇත්තටම අත් විඳපු අත්දැකීම්.. කරුණාකරලා මෙ කාගෙ කථාවද කියලා හොය හොය ඉන්නෙ නැතුව කථාවක් විදියට කියවන්න..ජීවිතේට අළුත් අත්දැකීමක් එකතුකරගන්න පුළුවන් වෙයි..

ඉඳලා හිටලා comment එකකුත් දාන්න.. අම්මාගෙන් බැනුම් අහ අහා blog ලියන මට ඒක හයියක් වෙයි තව තවත් ලියන්න.

Posted in Uncategorized | 1 Comment

ඉස්කෝලේ පළවෙනිදා…..

අද ඉස්කෝලෙ පටන් ගත්ත දවස.. ඉස්කෝලෙට අලුතින් පත් වුන විනය භාර ගුරුතුමාට ලකුණු දාගන්න ඕනවෙලා.. පලවෙනි දවසෙම ගුරුවරු කීප දෙනෙක් ළමයින්ව check කරනවා ගේට්ට්‍ටුව ලඟදි..

මේ වෙච්ච සිද්ධි කීපයක්…

*** “මම උදේම නැගිටලා, නාලාහෙම අලුත් shirt  එකත් දාගෙන, scent නාලා van එකෙන් ඇවිත් බැස්සා ඉස්කෝලෙ ලඟ.. යාළුවෝ set එකම එලියේ.. මම උන් එක්කත් කතාව දාල ඇතුලට ගියා..check කරනව කිව්වට සිරාවට බලන්නෙ නෑ නේ..අනික මම prefect කෙනෙකුත් නේ.. ;D  අල්ලගත්තෙ නැද්ද මාව.. “කෝ student Record book එක?” “ගෙනාවෙ නෑ sir”  “යනවා ඉස්කෝලෙන් එලියට.., SRB එක නැතුව ඇතුලට ගන්නෙ නෑ”…කෙල්ලත් බලාගෙන ඉන්නවා මම එනකල්.. ඉතින් මොනා කරන්නද? bus එකක එල්ලිලා Mt. වලට ගිහින්, Templers road එකේ යන bus එකේ තනිකකුලෙන් එල්ලිලා ගෙදර යනකොට දාඩිය ගඳේ බෑ…. පොතත් අරන් ඉස්කෝලෙ ලඟට ඇවිත් සික්කට call කරලා ඇහුවා check කරලා ඉවරද කියලා.. ඔව් කිව්වමයි ඇතුලට ආවෙ.. දවසම චාටර් …අදම ගිහින් කොන්ඩෙ කපනවා මිස්.. නැත්තන් අරෙහෙන් මෙහෙන් කැපුවම පාරෙ බැහැලා යන්න වෙන්නෙ නෑ..”

*** “අනේ මිස් මේ බලන්න, කොන්ඩෙ කපපු හැටි.. ඒ මදිවට බෙල්ල පුරාම කසනවා.. අනේ ඉන්න බෑ මිස්.. මොනා හරි කරන්නකෝ..” powder ටිකක් තිබ්බනම් හරි” “powder කොහෙන් හොයන්නද මිස්?” “මගේ pink powder  එක තියනවා කමක් නැද්ද?” ‘මොකක් හරි.. කමක් නෑ..” ඉතින් මම මගේ pink powder එක බෙල්ලෙයි , කන් දෙකෙයි, මූණෙයි ගාලා කෙස් කොට ටික ඇරියා.. ඔතෙන්ට ආව තව ළමයෙක්..”ආආආආයී…*** සුදු වෙලා.. u look so gay with pink powder”  :@

*** “මොනාද පුතා මේ සපත්තු දෙකේ හැටි? ” ඇයි sir?” “මේ බෝට්‍ටු ඉස්කෝලෙට දාන්න බෑ නේ.. ගලවනවා ගලවනවා!!!”

*** “uniform එක කොට වැඩියි.. අතන වාඩිවෙලා, වාටිය ගලවලා එන්න….”

*** “ඔය ඉස්සරහා තියන කෑලිටික පස්සට පීරලා කොණ්ඩෙ බඳින විදිය කියා දෙන්න ඕනෙද..”

*** “මොකද මේ eye liner ගාලා?”, “ඊයේ පාටි  එකකට ගියා මිස්… ඒ ගමන්..”,  “ඇයි උදේට ඔයා මූණ හෝදලා නෙවෙයිද එන්නෙ? ගේන්න tissue එකක්.. මම eye liner යවන හැටි කියාදෙන්න..”

කොහොම හරි අද දවසට hair cuts 70යි..

Posted in teaching | 4 Comments

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම හිත රිදෙන්නෙ ඇයි…

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම දුක්විඳින අය තමන් වටේ ඉන්න අය සතුටින් තියන්න හැමදේම කරනවලු…

කොච්චර ඇත්තක් තියනවද මේ කියමන් 2ට?

කොච්චර උඩ පැන්නත් යථාර්තයට මුහුණදෙන්න පුලුවන් කියලා.. කොච්චර කිව්වත් වෙන දේවල් වලට හිත රිදෙන්නෙ නෑ කියලා.. ඒක කොයිතරම් ලොකු බොරුවක්ද?

ලඟට වෙලා ඉඳලා ගිය වෙලාවෙ ඉඳලා හිත කීරි ගැහෙන එක නවත්තන්නෙ කොහොමද? දන්නෙ නෑ..

mobile එක දිහා බලාගෙන භාවනා කරන්වා ඇරෙන්න කරන්න පුලුවන් එකම දේ හිතට එනදේ ලියන එක විතරයි..

තනිකම පාළුව කියනදේවල් නැතිකරන්න කරන්න පුළුවන්දේ කියන්න.. හිත ගල් කරගන්න කරන්න පුළුවන්දේ කියන්න..පිනක් වෙයි…

මම හොඳටම දන්නවා ඔයා මගේ blog එක කියවන්නෙ නෑ කියලා.. මගේ හිතට එනදේ කියන්න පුලුවන් එකම තැන මේක උනේ ඒකයි…

Posted in සිතුවිලි | 4 Comments

උපන්දිනය…

කෙනෙකුට අවුරුද්දකට සැරයක් එන වැදගත්ම දවස විදියට මම කියන්නම්…  මම දන්න තරමට පිරිමින්ට වඩා ගැහැණු මේ දවස ගැන හිතනවා. ගැහැනියෙක් තමන්ට හැමදාම ආකර්ශනය කරලා තියාගන්න එක විදියක් තමයි, reminder  එකක් දාලා හරි එයාගෙ උපන්දිනය මතක තියා ගන්න එක.

හැබැයි ඉතින් “මතක නැද්ද? මගේ birthday එක අද” කියනකල්ම හිටියා කියන්නෙ I m disappointed at you කියලා කියන ගමන්මයි…ඔතන තමයි ගොඩක් පිරිමි අනාගන්න තැන. ( උපන්දිනේ විතරක් නෙවී ඉතින් හැම විශේෂ දවසකටම මේක apply වෙනවා…)

ඊලඟ ප්‍රශ්නෙ “මොනවද අරගෙන දෙන්නෙ?” කියන එක..

වැදගත්ම දේ card එක. හොඳ verse එකක් print කරපු card එකක්..

ඊ ලඟට gift එක.. මම අදහස් කීපයක් කියන්නම් ගෑනු ළමයෙකුට gift එකක් ගන්න උදව්වෙන.. කොල්ලෙකුටනම් ඉතින් card  එකක් විතර ගොඩක් වෙලාවට ඇති.. 😀

ගන්න තෑග්ග ගෑනු ළමයෙකුට ගැලපෙන හා වැදගත් තෑග්ගක් වීම..( dog tags ගැන හෙම හිතන්නවත් එපා ;D )

සමහරු ගෙදරට අවශ්‍ය දෙයක් අරගෙන දෙනවා.. ඒත් මේ එයාගෙ විශේෂම දවස.. අරන් දෙනදෙය එයාට විතරක් පාවිච්චි කරන්න පුලුවන් දෙයක් වෙන්නම ඕන. මේ husbandsලා කරන common mistake එකක්… blender එකක් අරන්දීලා happy birthday කියලා.. මූණදිහා හොඳට බලාගෙන ඉන්න.. :ඪ් ..මොකද වෙන්නෙ කියලා හොඳටම පෙනෙයි එතකොට…

Tickets හරි passes හරි දෙනවානම් 2ක් දෙන්න.. මොකද තනියම යන්න girlsලා කැමති නැති නිසා.. (මට මේ වැඩේ හරියට වෙලා තියනවා)

ඊ ළඟට perfume .. මම නම් කියන්නෙ තමන් දන්නෙ නැත්නම් girl පාවිච්චි කරන perfume එක මොකද්ද කියලා නොගෙන ඉන්නවානම් හොඳයි..මොකද සමහර perfumes තියනවා නහය ලඟට ගන්න බැරි  🙂

අනිත් එක ඇඳුම්.. දන්නවානේ ගෑනු ළමයිව සතු‍ටු වෙන ඇඳුමක් ගන්න එක කොච්චර අමාරුද කියලා..( මගේ ලඟ සාරි ගොඩක් තියනවා මේ වගේ.. කාටවත් දෙන්නවත් හිතෙන්නෙ නැත් තරමටම ලස්සනයි :).. ) ඇඳුමක් දෙන්නම ඕනෙ නම් gift voucher එකක් දෙන්න. …

කෙල්ලෙක්ව තරහා කරගන්න ඕනෙනම් gift  එකක් දීලා.. Anti-wrinkle cream එකක්, breast enlargement cream එකක් හරි stretch mark remover එකක් හරි දෙන්න .. පහුවදා ඉඳලා මූණ බලන එකක් නෑ..

දැන් හිතයි apziට මොකද්ද මේ උපන් දින තෑගි ගැන ලියන්න හිතුනේ කියලා.. හ්ම්ම්ම් .. ඉන්න යාළුවෝ ටිකත් මේ සති අන්තෙදි තරහා කරගන්න ඔනේ නැති නිසා.. 😀 😀 😀

Posted in fun කතා | 8 Comments

…..

මාසේ පඩිය අතට ගත්ත දා….

Posted in සිතුවිලි | 4 Comments