ලව් ලෙට්ර්ස්

පොත් ගොඩේ තිබිලා පරණ නවකතාවක් හම්බවෙලා… ඒවගේ කතා වලට පිස්සුවැටිලා හිටපු කාලෙ මතක් උනා..ඉස්කොලේ යන කාලේ බොලඳ විදියට ආදරය කරපු හැටි මතක් උනා.. අපිට email..facebook..chat…SMS තිබුනෙ නෑනෙ.. තිබුන එකම විදිය ගෙදරට හොරෙන් මුණගැහෙන එක හරි, love letters ලියන එක හරි විතරයි.. :D.

ඒ ලියුම් ඉස්කෝලෙන් හංඟගෙන ඉන්න එකත් එක කලාවක්.. මට හිටියා AL classඑකේ කොල්ලෙක්.. එතකොට මම OL කරනවා.. හම්බවෙන්නෙ ඉස්කොලෙ ඇරිලා එනකොට.. විනාඩි 2-3 කට පාරෙදි..ලියපු ලියුම හංඟගන්නෙ tie එක ඇතුලෙ, ඉතින් ගොඩක් ලොකුවට ලියන්න බෑ. දැන් හිතනකොටත් හිනා යනවා..තව හංඟන තැනක් තමයි පොත් කවර අස්සෙ.. ඔහොම හඟපු ලියුමක් ඊට අවුරුදු 10කට විතර පස්සෙ.. මගෙන් පොත් ඉල්ල ගත්ත  මල්ලි කෙනෙකුට හම්බවෙලා.. මාර පල් එක ..

ඔයවගේ love letters ගැන කතා ගොඩයි. අමතකම වෙන්නෙ නැත්තෙ ඉස්කොලෙදි teachersලට ලමයෙක්ගෙ ලියුම් වගයක් අහුවෙලා හෙන inquiry එකක් යද්දි.. ඒක බලන්න අපි කට්ටිය  හොරෙන් ජනේලෙකින් එබිලා… පැයක් විතර officeඑක ඉස්සරහා දණ ගහගෙන ඉන්න උනු එක.. හොඳම වැඩේ ඒ වෙලාවෙම boys එකින් මොකද්ද වැඩකට කොල්ලො set එකක් principal හම්බවෙන්න ආපුඑක.. අන්තිමට අඬනතරමටම උන් අපිව පල්කරලා ටොකුත් ඇනලයි ගියේ.. convent එකේ චන්ඩි උනාට කොල්ලොන්ට බයයිනේ ඒදවස් වල..

ඔහොම ලියපු ලියුම් එකතු කරානම් පොතක් ලියන්න තිබුනා.. ඇයි ඉතින් කීදෙනෙකුටද??? ඉස්කොලෙ මගේ යාළුවො 2-3කගේ private secretary මම.. දන්නවනේ මොකද කරන්නෙ කියලා.. ඉතින් එහෙම ලියලා අන්තිමට කසාද බැඳපු උන් දෙන්නෙකුත් ඉන්නවා.. කෙල්ල පස්සෙ මට කියනවා.. කොල්ලා රෝසපාට ribbon එකකින් ගැටගහලා මම කෙල්ල වෙනුවෙන් ඌට ලියපු ලියුම් ටික තියාගෙන හිටියා කියලා.. 😐

දැන් කෙල්ලො කොල්ලො අපිට වඩා ගොඩක් ඉස්සරහා ඉන්නෙ.. ඒත් අපි තරම් උන් ජීවිතේ විඳිනවද කියන එක මට සැකයි…..

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in fun කතා. Bookmark the permalink.

11 Responses to ලව් ලෙට්ර්ස්

  1. මමනම් ජීවිතේට love letter එකක් ලියලා නෑ, දුකට සැපට දෙකටම sms තමයි 🙂
    සුභ අලුත් අවුරුද්දක්…!!!

    • apzi says:

      ඒකතමයි මල්ලියෝ මම කියන්න හදන්නේ.. අපි ජීවිතය විඳපුහැටි වෙනස් ඔයාලට වැඩිය… 🙂
      ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්…

  2. මම says:

    ඇත්තටම මමත් ලියලා නම් නෑ…නමුත් මට හම්බවුනු එකක් තියනවා ඒකත් තියෙනේ අරවගේ පොතක පිටකොලේ අස්සේ තමා.. මටත් ඕනම දෙයකට SMS තමා..නමුත් හොරෙන් love letters ලියද්දි … හොරෙන් ඒක දෙනකොට… හොරෙන් ඒක කියවනකොට… මාර Fun ඇති නේද….ඕකට වෙන්නැති කව්ද කෙනක්(හරියටම නමනම් මතක නෑ) කියල තියෙන්නෙ.. Result එක වැදගත් නෑ ඵ්කට අනුගමනයකල process එකයි වැදගත් කියල… මොකද SMS එකයි Love Letter එකයි දෙකෙන්ම දෙකෙන් ම communication උනත්…හිතට දැනෙන්නෙ, මතක හිටින්නෙ… මොකක්ද කියලා තේරෙනව නේ

  3. chamilawara. says:

    Apzi අක්කෙ මේකට නම් comment එකක් දාන්නම හිතුන, මොකද love letters ගැන මාර experience මටත් තියෙන හින්ද…..
    ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි පිප්පි කාලෙ තමයි wara ඉස්සෙල්ලාම කෙල්ලෙක්ට love letter එකක් ලිව්වෙ. Apzi & Bugsy waraව මුලින්ම අඳුරගත්ත කාලේ මතක ඇති නේ…. ඊටත් අවුරුදු ගානකට කලින් තමයි wara ඉස්සෙල්ලාම කෙල්ලෙක්ට love letter එකක් ලිව්වෙ. ඉතින් හිතාගතහැකිනෙ කොල්ලගෙ තරම….!!!!
    ඒ කෙල්ලට wara letters හත අටක්ම ලිව්ව මයෙ හිතේ. අන්තිම එක ලිය ලියා ඉන්න අතරෙ තමයි අම්මට මාට්ටු වුනේ….. හොක් හොක් හොක්….. එදා ඉතින් කතන්දර කෝටියයි…. ලොවෙත් නෑ….!!!!
    පස්සෙ තමයි wara දැනගත්තෙ ඒ කෙල්ලගෙ තාත්ත පොලිසියෙ ලොකුම ලොකු ලොක්කෙක් කියල….. ඊටත් අවුරුදු කීපෙකට පස්සෙ ඔය කියන තාත්ත මේ රටේ ඉහලම පුටුවෙ හිටපු කෙනාගෙ car එකේ ඉස්සරහ වම් පැත්තෙ seat එකේ වාඩි වෙලා යන කෙනා, ඒ කියන්නෙ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බවටත් පත් වුනා…. මිනිහට විරුද්ධව සාක්ෂි නැ(ඇ)තුව තීරණයක් නොදීපු මිනී මැරුම් නඩු අදටත් ලංකාවේ උසාවිවල තියෙනවලු…. ඒ කාලෙ වෙද්දි ඔය කෙල්ලට බොක්කෙන්ම love කරපු (අපරාදෙ බොක්ක) අපි වගේම ඉතාම සාමාන්‍ය පවුලක කොල්ලෙක් ඉඳල තියෙනව….. ඒ කොල්ලට වෙච්ච දේ ගැන උගෙ දෙමවුපියෝ අදටත් හොයනවයි කියල මේ ලඟදි waraට යාලුවෙක් කිව්ව….. දැක්කද, ඒ ඒ අයගේ දාරක ප්‍රේමයේ තරම…….!!!!! තවත් කාලෙකට පස්සෙ waraට ආරංචි වුනා කෙල්ලව හෙන පෝසත් පවුලක doctor කෙනෙකුට බන්දල දුන්නය, බැඳල අවුරුදු දෙක තුනකට පස්සෙ බබෙකුත් හම්බුනාය, ඊටත් පස්සෙ දෙන්න divorce වුනාය කියල…… අනේ අනිච්චං……!!!!
    හැබැයි ඉතින් ඔය දේවල් ගැන waraට නම් මයිල් ගහක තරම්වත් වගක් නෑ…. සිරාවටම. ඔය පළවෙනි love letter එක ලිව්වෙ මීට අවුරුදු බර ගානකට කලින්නෙ (wara ඊට පස්සෙ love letters ලිව්වෙ නෑ)….. දැන් waraට වයස අවුරුදු තිහයි පොඩ්ඩයි….. තාම Single …. stil RockZzzzz …….. ඔයිට වඩා ආදරේ සම්බන්ධ සිරාම experience පස්සේදි waraට ලැබුන….. මේ කියවන මොහොතෙදිත් ලැබෙනව… දැන් නම් ඉතින් SMS, Ring Cut, 3G calls, facebook, video chat වගේ දේවල් තමයි සන්නිවේදන මාධ්‍ය…. no love letters….. wara ඉතින් කොච්චර මැන්ටලේ වුනත් ආදරේදි නම් මාරම sensitive වෙනව……… ඒ වෙලාවට ඉතින් ලොවෙත් නෑ…. හොටුත් කනව….. හොඳම යාලුවන්ගෙන් ඇහුව නම් කියයි නියමෙටම……!!!!
    ඉතින් කියන්න හදපු වැදගත්ම කාරණේ මේකයි………. Crush කියන එකයි True Love කියන එකයි අතරෙ වෙනස ඔයාල දන්නවනෙ…….. waraට අදටත් හිතා ගන්න බැරි එක දෙයක් තියෙනව…… ඔය මුල්ම Love letter එක ලියපු කෙල්ල ගැන, waraගෙ හිතේ ඇති වුනේ Crush එකක් ද….. එහෙමත් නැති නම් Love එකක් ද කියන එක………?????
    chamilawarathenna@gmail.com

    • apzi says:

      හපොයි බේරිච්ච බේරිල්ලක්… කොච්චර අහු උනත්.. කොච්චර චාටර් කෑවත් .. love letter එකක තියන ගතිය වෙන communication methodsවල නෑ කියලයි ඒවා ලියපු අපි කියන්නෙ…
      නියමයි වරා .. ඔහොම යන් ඔහොම යන්… ඔය ලියන්නෙ සිරාවටම… 😀

  4. nuwan srimal says:

    මමනම් තාම කෙල්ලෙක්ට ලියුම් ලියල නෑ..එත් වෙන එවුන්ගෙ කෙල්ලොන්ට නම් දෙක තුනක් ලියල තියෙනව..මටනම් ඉතින් facebook තමයි..

  5. kathandara says:

    brings back some old memories………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s