කො‍ටු පැනිල්ල

මට හිතට ආපු දෙයක් ඒ විදියටම කතාකරන්න පුලුවන් එකම තැන මේ.. හ්ම්ම්ම් නිදහස් අඩවිය..ඉතින් මාව judge කරන්නෙ නැතුව මේ ලියන එක ගැන comment කරයි කියලා මම හිතනවා…

“කො‍ටු පැනිල්ල”… මොකද්ද කියලා දන්නවනේ… ඇත්තටම ඇයි මේ තරම් “කො‍ටු පනින්නෙ? තමන් ගොඩක් ආදරය කරන පරිසරයක් තියෙද්දිත්.. තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්, ගෙදරක් කියන්න පුලුවන් තැනක් තියෙද්දිත් මේ කරන කො‍ටු පැනිල්ල ගැන ඇත්තටම මොකද හිතෙන්නෙ?

අපේ අර සත්ව ගතිගුණ එලියට ඒමක්ද නැත්නම් මිනිස්සු අතර අන්තර් සඹඳතා අඩු වීමෙන් ඇති වෙච්ච දෙයක්ද .. එහෙම නැත්නම් fasion එකක්ද?

කොහොම උනත් අන්තිමට අසරණ වෙන්නෙ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා.. කියලා දැනගත්ත ගමන් මේ සෙල්ලම ගොඩක් වෙලාවට නතර වෙනවා.. ඒ වෙනකොට් හානිය වෙලා ඉවර බව ගොඩක් අය තේරුම් අරගෙන නෑ….

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

13 Responses to කො‍ටු පැනිල්ල

  1. මේක කොටු පැනිල්ල ගැන නම් නෙමෙයි අක්කා ඒත් මේක ඔයාගේ නිදහස් අඩවිය කියලා කියපු නිසා මට හිතුන දෙයක්. ඔයා මේ දාලා තියෙන ෆොටෝ එක ඔයාගේ ඒ නිදහස සීමා කරනවා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?

    • apzi says:

      🙂 නෑ මල්ලි.. ගොඩක් වෙලාවට කියවන අය මගේ ගැන දන්න අය.. අනිත් අයත් මාව අඳුරගන්නවාට මම කැමතියි..

  2. chamilawara. says:

    ජීවිතේ, ඒ ඒ කාලවලදි, ඒ ඒ ආතල් ගන්න ඕනි…..
    But only thing is, you have maintain your own limits & the barriers….!!!!!

  3. Kasun Tharanga says:

    තනි උත්තරයයි

    සියලු කාරණා සදහා හේතුවක් ඇත….

  4. xyz says:

    මම මේ ලියන ටික ගොඩක් විව්වාදාත්මක වේවි ඒත් මම ඔය දිහා බලන හැටි තමා මේ.

    දැන් ඕකෙදි කොටු පනින අය දැනගෙන නේද කරන්නෙ අනිකට සහකාරියක් හො සහකරුවෙක් ඉන්නව කියල. එතකොට දෙපාර්ශවයෙන්ම කැමැත්ත ඇතිව කරනව නම් මම ඕකෙ වැරැද්දක් දකින්නෙ නෑ. මොකද තමන්ගෙ සහකරුට තියෙන ආදරය හා සොයා බැලීම අඩු නොකරනවා නම් එච්චරයි. හැබැයි ඔය කොට්ට ආදරයක් දක්වා රැගෙන යාම නම් සම්පූර්නයෙන්ම වැරදියි. තමන්ගෙ අවශ්‍යතාව සම්පූර්න කරගන්න පමනක් කොටු පැනීම තමා හොඳ.

    ඕන කෙනෙක් විවිදත්වයකට කැමතියි නෙ ඉතින් විවිදත්වය අත් වින්දාම මොකද වෙන්නෙ? හැබැයි ඔය කොටු පනින අය තමාගෙ සහයකයාගෙ සීමාව දැන සිටිය යුතුයි. එතනින් ඔබ්බට යන්න ගියාම තමා ඔය හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නෙ.

    මේ ගැන ගොඩක් දෑ තියෙනව ලියන්න පුලුවන් උනොත් පසුවට ලියන්නම්

    #“කො‍ටු පැනිල්ල”… මොකද්ද කියලා දන්නවනේ… ඇත්තටම ඇයි මේ තරම් “කො‍ටු පනින්නෙ? තමන් ගොඩක් ආදරය කරන පරිසරයක් තියෙද්දිත්.. තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්, ගෙදරක් කියන්න පුලුවන් තැනක් තියෙද්දිත් මේ කරන කො‍ටු පැනිල්ල ගැන ඇත්තටම මොකද හිතෙන්නෙ?#

    මේකට නම් සරල උත්තරයයි තියෙන්නෙ ඔයාට ඔයා කොච්චර කැමති කෑම ගොඩක් ඔයාගෙ වටෙ ඕන වෙලාවක තිබ්බත්. වෙනත් රහක කෑමක් හම්බ උනොත් ඔයා රහ බලන්නෙ නද්ද අවස්තාව ලැබුනොත්. සමහර විට නොයෙක් අනිත් කාරනා නිසා නොකරනව වෙන්න පුලුහන්. ඒත් ඇත්තටම අකමැටි නෑ නේද කාල බලන්න. ඔය පාලනය කර ගැනීම හැමෝටම කරන්න බෑ.
    ආසාව කියන එක හැම ඩේටම පොඩුයි.

    සමාවෙන්න මම මගේ අනන්‍යතාව වසන් කරන්වා කවුරුත් ඇවිත් මෙතන බනින්න යන්න එපා මට.

    • apzi says:

      මගේ හිතට ආවේ මේකයි.. ආදරයක් ඇති වෙන්නෙ නැතුව “කො‍ටු පනින්න” ඔයා කිව්ව විදියට පුලුවන්ද? එහෙම උනොත් “ගොනෙක්” ලඟට යනවට වඩා වෙනසක් නෑ නේද??

  5. xyz says:

    ඔයා ඔය කොටු පනිනව කියන එක අර්ථ දක්වන විදිහේ වැරැද්දක් මම හිතන්නෙ. ගොනා වෘතියක් වශයෙන් ඒ දේ කරනවා. අනික් අය තම තෘප්තිය උදෙසා ඒ දේ කරනවා. කොටු පනිනව කියලා රටෙම අය එක්ක නිදාගන්නෙ නෑනෙ.ආදරේට කරන අයත් ඉන්නව හැබැයි මම ඒකට විරුද්දයි. මොන කොටු පැන්නත් තමන්ගෙ බිරිඳ ලමයි තමයි එක වෙන්න ඕනි.

    මීට වඩා කරුනු දක්වන්න පුලුවන් උනත් මම හිතනවා මෙතන ලියන එක හරි නෑ කියලා

    • apzi says:

      මට තාම හිතෙනවා ඔයා කියන විදිය සාධාරණ නෑ කියලා.. පිරිමියෙකුට ඔය දේ කරන්න පුලුවන් ඇති.. ඒත් ගැහැනියෙකුට බෑ ආදරය කරන්නෙ නැතුවකො‍ටු පනින්න..”)
      බිරිඳ , ළමයි එක වෙන්න පුලුවන්.. ඒත් අන්ත 2ක ජීවත් වෙන එක හරිම අමාරු වැඩක්.. කවදාවත් තමන්ගෙ පවුල අතැරලා ගියේ නැති උනාට.. මම හිතෙන්නෙ දෙගොල්ලොම විශාල මානසික විප්ලවයක් කරනවා.. එහෙම නේද?

      • xyz says:

        මම කියපු දේ සාධාර්නීකරනය කරන්න තව බොහෝ දෑ ලියන්න පුලුවන් ඒත් මෙතන කියන එක හරි නෑ. මේකෙ පාඨකයො මොන වයස්කාන්ඩ වල අයද කියන එක මන්දන්නෙ නෑ නේ.
        ගැහැනු ගැන කියනව නම් අදත් එක බ්ලොගේක තිබ්බා කියවන්න වටින කතාවක්. ( වරදවා තේරුම් ගන්න එපා ඔබ ගෑනු එහෙම නෑ කියපු නිසා කිව්වෙ )
        මානසික විප්ලවයක් නැතුව කරන වැරැද්ද මොකක්ද? ඒකට මම එකඟයි

  6. apzi says:

    මම දන්න හැටියට මේ පැත්තෙ එන ඔක්කොම වගේ 18+ අය.. ඔයා ලියන්න.. no probs

  7. chamilawara. says:

    මං කෙටියෙන් කියපු දේ තේරිලා නෑ වගේ…….
    “ජීවිතේ ඒ ඒ කාලවලදි ඒ ඒ ආතල් ගන්න ඕනි……..” එහෙම නොකළ අය තමයි කොටු පැනිල්ල වගේ දේවල් වලට යොමු වෙන්නෙ.
    හැඟීම්, ආශාවල් වගේ දේවල් අපට වගේම තිරිසන් සතුන්ටත් ඇති වෙනව. ඒත් අපි තිරිසනුන්ට වඩා අපි උසස් වෙන්නෙ…. හැඟීම්, ආශාවල් සහ, ඒවා පසු පස හඹා යාම සහ නොයාම යන දෙකම සහ, ඒ තුලින් ඇති වෙන්නා වූ පසු ප්‍රතිපල දෙස, නුවණින් සහ, අවශ්‍ය නම් අක්මාවෙන්ද විමසා බලා, කටයුතු කිරීමට ඇති හැකියාව නිසයි. “you have maintain your own limits & the barriers….!!!!!” කියල කිව්වෙ ඒ නිසයි.
    තමුන්ගෙ බිරිඳට හෝ සැමියාට, ඇත්තටම ආදරය කරන කෙනෙකුට, කොටු පනිනවා තියා එහෙම හිතෙන්නෙවත් නෑ කියලයි මම නම් කියන්නෙ. කොටින්ම, මම කොටු පැනිල්ල පිළිකුල් කරනව කියලයි, මට කියන්න තියෙන්නෙ.

    අවසන් වශයෙන්, apziගෙ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දෙන්නම්…
    මිනිස්සු අතර නෙමෙයි, අපේ ජීවිත, වලට සම්මත ක්‍රම වලින් ලං වෙලා ඉන්න හෝ ලං කර ගෙන ඉන්න අය සමග, අපේ තියෙන මානුෂික අන්තර් සම්බන්දතා අඩු වුනාම, ඒ අඩුව පිරිමහ ගන්න, අපේ තියෙන සත්ව ගතිගුණ එලියට ඒමක් ලෙස, කොටු පැනිල්ල හඳුන්වන්න පුළුවන්…. ඒක fashion එකක් නෙමෙයි….. සාධාරණීකරණය කිරීම පිණිස fashion එකක් ලෙස හඳුන්වන්න ඒවයෙ යෙදිලා ඉන්න අය පෙළඹිලා තියෙනව…..!!!!!!

  8. මේ බ්ලොග් එකට අවේ අහම්බෙන් . අහබුවක් උනත් කතා කල යුතු දෙවල් තමන්ට දැනේන හැගෙන අකාරයට ලිවිම ගැහැනු උනත් පිරිමි උනත් වරදක් ලෙස ම දකින්නේ නම් නැ. අපි සමාජයට යමක් දිය යුතුයි. තිත්ත උනත් ඇත්ත ගැන කතා කල යුතුයි. විවිද අයට විවිද් අදහස් තිබෙන්නට පුලුවන්, තමන්ට දැනේන දෙයක් හරි උනත් වැර්දි උනත් එම අදහස් ප්‍රකාශාකල් යුතුයි. එයින් කතිකවතක් අතිකරගෙන අවසනායේ නිවැර්දි දෙයක් අපට සොයා ගැනිමට හැකිවෙවි. එයින් ඔබත් මමත් යම් දෙයක් සම්බන්දව දැනුවත් වෙවි.

    @ chamilawara සහොදරයගේ කතාවට මාත් එකග වෙනවා ගොඩක් .

    තව දේයක් මාත් එකතු කරන්නම්. ජිවත් වන සමාජ, සකෘතික වටපිටාව එක්කත් ඇති කරගන්නා බැදිම් එක්කත් අපිට හිතන්න නම් ගොඩක් දේවල් තියෙන්වා. සමාජ අසම්මත දේවල් හොද නැ. නමුත් යම් යම් හේතු නිසා යම් පුද්ගලයන්ට සාදාරන හෙතු නිසා මෙ වගේ දෙවල් වලට පෙලබෙනවා. වැරැද සාධාරනිකරනය කරනවා නොවේ. නමුත් වැරැද වුනත්… මන් හිතනවා කියන්න යන දේ තෙරේයි කියල.

  9. නිශ් says:

    ජීවිතය තියෙන්නෙ විඳින්න ඒක අනිත් අයට කරදරයක් නොවෙන්න විඳිනවා නම් එච්චරයි. තමන් හොඳ අවබෝදයකින් කරනවා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s