කෙල්ලන්ට ඕනේ මොනවාද????

මට request එකක් ආවා කෙල්ලො කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා කියන්න කියලා.. ඒ කියන්නෙ relationship  එකකදි…

1. වෙලාව – කෙල්ලො හැම වෙලාවෙම තමන් තම්යි කොල්ලාගෙ ජීවිතේ වැදගත්ම දේ කියලා දැනෙනවාට.. පොඩ්ඩක් යාළුවො එක්ක ‍රැ‍ඳෙන කාලෙ සීමා කරලා ඉන්න පුලුවන් නම් කෙල්ලත් එක්ක… ideal. ඒත්.. සමහරු කෙල්ලට මේක වදයක් වෙන තරමටම ලඟට වෙලා ඉන්න බලනවා.. මේහෙම නොකර එයාට තමන්ගෙ යාළුවො එක්ක, එයාගෙ family එකත් එක්ක ගෙවන්නත් ඉඩ දෙන්න ඔනේ..

2. අවංකකම සහ විවෘත බව -කෙල්ලො අකමැතියි තමන් ඉන්නෙ බොරුවක කියලා වත් තමන් ඕනෙවට වඩා ඉහල තෙනක තියන්න හදන එකටත්… පිරිමින්ට පුලුවන් වෙන්න ඔනේ තමන්ගෙ partner එක්ක තමන්ගෙ හැඟීම් බෙදාගන්න, messages වලට reply කරන්න, කෙල්ල අහනදේ වල් වලට උත්තර දෙන්න.. ඒ “මට වඩා එයා ලස්සනයි නේද?” වගේ ප්‍රශ්නෙකට උනත්..කෙල්ලො කෙමතියි වැ‍රැදි පිලිගන්න , තමන්ට වද දෙන ප්‍රශ්න කතාකරන පිරිමින්ට…

3. ආරක්ශාකාරී හැඟීම –  කෙල්ලො කැමතියි ත්මන්ට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙකුට.. ඕන දේකදි තමන්ට ‍රැකවරනය දෙන්න පුලුවන් කෙනෙකුට..මේ තමන් හැමවෙලාවෙම අඬවන්නෙ නැති බව වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට..

4. care– කෙල්ලන් සමහරවිට “ඇණයක්” වෙනවා ඕනවට වඩා care  කරන්න ගියාම.. ඉතින් ඒක ආදරයෙදි බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක්..බලාපොරොත්තු SMS එකකින් මේ දේ කරන්න පුලුවන් ලේසියෙන්ම..

මගේ යාළුවෙක් alarm තියාගෙන ඉන්නෙ SMS යවන වෙලාව.. හිටපු ගමන් කතාකර කර ඉන්න වෙලාවෙ alarm  එක වදිනවා..මිනිහා SMS ගහනවා.. කෙල්ල මාර love 🙂 ඌට වැඩ වැඩි උනාම මමත් කෙල්ලට message  කරලා තියනවා.. වැදගත් දේ තමන් හැමවෙලාවෙම කොල්ලගෙ මතකයේ ‍රැඳිලා ඉන්නවා කියන feelingඑක..

5. බලාපොරොත්තු නැතිදේ කිරීම – ගොඩක් වෙලාවට, කෙල්ලො ගොඩක් දේවල් බලාපොරොත්තු වෙලා අන්තිමට එපාවෙලා ඉන්න වෙලාවල් ඕන තරම් තියනවා.. කොල්ලන්ට පුලුවන්නම් බලාපොරොත්තු නොවුන වෙලාවක තමන්ගෙ කෙල්ල වෙනුවෙන් යමක් කරන්න.. ඒක තමා relationship එකක වැදගත්ම දේ…ඉඳල හිටලා කෑමකට එලියට අරගෙන යන එක, shoulder massage එකක් දෙන එක වගේම බැරිමරගාතෙ හරි love letter එකක් ලියන්න පුලුවන්නම්…

කෙල්ලො කියන්නෙ හරි සරළ ජාතියක්.. පිරිමි විහින්මයි අපිව complicate කර ගන්නෙ.. කරන්න චූටි දේවල්.. නිතර කෙල්ලව හිනාගස්සන්න.. සල්ලි ගොඩක් ඕන නෑ.. ඉඳලා හිටලා අහඹු වෙලාවක දෙන kiss එකකට relationship එකක් ගොඩක් දුර ගෙනියන්න පුලුවන්…

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

6 Responses to කෙල්ලන්ට ඕනේ මොනවාද????

  1. අනිවා මේ හැමදේකින්ම කියවෙන්නේ තේරුම් ගැනිම කියන එක නේද? relationship එකකදි ගොඩක් වටින අදහසක්..

    • apzi says:

      අපේ කොල්ලෝ මේ සේරම දැනගෙන හිටියත්, කම්මැලිකම නිසාද මන්දා.. මේවගේ පොඩි දේවල් ignore කරනවා.. ඊට පස්සෙ කෙල්ල දාලා ගියාම.. ලෝකෙම ඉන්න කෙල්ලන්ට බැන බැන .. බි බී නාස්ති වෙනවා…
      අනික තේරුම් ගන්න ඕන තව එකක් තමයි කෙල්ලට ඕනවට වඩා නීති දාන්න යන්නෙ නැතුව ඉන්න ඕන කියන එක..

  2. ඇත්ත තමා 🙂

  3. Kasun Tharanga says:

    හරිම පුලුල් මාතෘකාවක් නොවැ…………

    අක්කේ ප්‍රශ්නයක් තියනව…
    ඔය කරන හැම දෙයක්ම තමන් උවමනාවෙන් නැතුව අනිත් කෙනාගෙ උවමනාව නිසා කරනව කියන්නෙ රග පෑමක්ද?
    නැත්තම් ආදරය නිසා කරන කැප කිරීමක් ද?

    • apzi says:

      relationship එකක් සිරාවටම ගෙනියන්න ඔනේ නම් give n take 2 ම තියෙන්න ඕනෙ නේද? ලංකාවෙ කොල්ලො ගොඩක් වෙලාවට තමන්ගෙ කෙල්ලගෙන් අනන්තයක් කැපවීම් බලාපොරොත්තු උනත් ඒ කෙල්ල වෙනුවෙන් කරනදේ හරි පොඩ්ඩයි නේද? චුට්ටක් හිතලා බලන්න..
      සමහරු රඟපෑම් කරනවා තමයි.. ඒත් පැවැත්මක් නෑ නේද ඒකට???

      • Kasun Tharanga says:

        හරියට හරි අක්කා…. අපි රගපෑවොත් එතන පැවැත්මක්නෑ…..

        ලංකාවෙ කොල්ලො ගොඩක් වෙලාවට තමන්ගෙ කෙල්ලගෙන් අනන්තයක් කැපවීම් බලාපොරොත්තු උනත් ඒ කෙල්ල වෙනුවෙන් කරනදේ හරි පොඩ්ඩයි නේද?

        මේ කතාව කෙල්ලන්ටත් පොදුයි නේද??

Leave a comment