වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම හිත රිදෙන්නෙ ඇයි…

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම දුක්විඳින අය තමන් වටේ ඉන්න අය සතුටින් තියන්න හැමදේම කරනවලු…

කොච්චර ඇත්තක් තියනවද මේ කියමන් 2ට?

කොච්චර උඩ පැන්නත් යථාර්තයට මුහුණදෙන්න පුලුවන් කියලා.. කොච්චර කිව්වත් වෙන දේවල් වලට හිත රිදෙන්නෙ නෑ කියලා.. ඒක කොයිතරම් ලොකු බොරුවක්ද?

ලඟට වෙලා ඉඳලා ගිය වෙලාවෙ ඉඳලා හිත කීරි ගැහෙන එක නවත්තන්නෙ කොහොමද? දන්නෙ නෑ..

mobile එක දිහා බලාගෙන භාවනා කරන්වා ඇරෙන්න කරන්න පුලුවන් එකම දේ හිතට එනදේ ලියන එක විතරයි..

තනිකම පාළුව කියනදේවල් නැතිකරන්න කරන්න පුළුවන්දේ කියන්න.. හිත ගල් කරගන්න කරන්න පුළුවන්දේ කියන්න..පිනක් වෙයි…

මම හොඳටම දන්නවා ඔයා මගේ blog එක කියවන්නෙ නෑ කියලා.. මගේ හිතට එනදේ කියන්න පුලුවන් එකම තැන මේක උනේ ඒකයි…

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

4 Responses to වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

  1. nish says:

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්………… උඩම තියෙන වචනයක් පාසා සහතික ඇත්ත.

    හ්ම්ම්ම් කරන්න තියෙන්නෙ තමන්ට හිතවත් කියලා හිතෙන කෙනෙක්ගේ සමාගමය පතන එක තමා. නැත්නම් මොනාහරි වැඩක යෙදෙන එක.

    ඔය දෙකම කරන්න බැරි වෙලාවට ඉතින් තනිකම පාළුව දරාගන්න වෙනවා.
    හිත් ගල් කරන්න බෑ අප්සි ඒකත් තවත් බොරු කතාවක් විතරයි.

  2. chamilawara. says:

    මේ post එකේ තියෙන වචනයක් වචනයක් පාසා මම එකඟයි……
    mobile එක දිහා බලන් භාවනා කරනවට වඩා තව කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනව:
    fb එකේ photos දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න පුළුවන්….. chat histories කියවන්න පුළුවන්…. හම්බුවේච්චි gifts දිහා බලාගෙන ඉන්නත් පුළුවන්….!!!!!

    Nish කියල තියෙන දේටත් මම සම්පූර්ණයෙන්ම එකඟයි…. “හිත් ගල් කරන්න බෑ….. ඒකත් තවත් බොරු කතාවක් විතරයි”.

  3. සහතික ඇත්ත . උඩ කමෙන්ට් 2කටම මාත් එකගයි. මාත් බ්ලොග් එකක් ලියන්න ගත්තේත් එකයි. හිතේ කියන්න ගොඩක් දේවල් තිබ්බත් කියන්න කෙනෙකුත් නැ, අහන්න කෙනෙකුත් නැ . එතකොටයි මෙ සයිබර් අවකාශේ තනි උනේ. බ්ලොග් එකේ ලියන්න ගත්තු කතාව වත් තාම ලියා ගන්න බැරි උනා. ලියන්න හිතක් නැ.
    පේලි කිපයක් උනාට බොක්කටම වදිනවා සහොදරි.
    කවුරු කොහොමම කිවුවත් තුවාලේ වෙදනාව දන්නේ තුවලේ තියෙන මිනිහනේ..

    ජිවිතේ…
    (¯`v´¯)
    .`·.¸.·´
    ¸.·´¸.·´¨) ¸.·*)
    (¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·☆.

    • apzi says:

      තනිවීම මිනිස්සු සිය ගානක් අතරේ හිටියත් වෙන්න පුලුවන් මහා අවාසනාවන්ත තත්වයක්.. මම හිතන්නෙ අපි ගොඩක් දෙනෙක් මේ තනිකම විඳිනවා කියන්න බැරි උනාට..
      අපි කතා කරමු.. බ්ලොග් එක තුලින්වත්.. හිත් තුවාල කරගත්ත හැටි කියන්න..
      අපි අහගෙන ඉන්නම්…

Leave a reply to පිස්සු පුසා Cancel reply