ඉස්කෝලේ පළවෙනිදා…..

අද ඉස්කෝලෙ පටන් ගත්ත දවස.. ඉස්කෝලෙට අලුතින් පත් වුන විනය භාර ගුරුතුමාට ලකුණු දාගන්න ඕනවෙලා.. පලවෙනි දවසෙම ගුරුවරු කීප දෙනෙක් ළමයින්ව check කරනවා ගේට්ට්‍ටුව ලඟදි..

මේ වෙච්ච සිද්ධි කීපයක්…

*** “මම උදේම නැගිටලා, නාලාහෙම අලුත් shirt  එකත් දාගෙන, scent නාලා van එකෙන් ඇවිත් බැස්සා ඉස්කෝලෙ ලඟ.. යාළුවෝ set එකම එලියේ.. මම උන් එක්කත් කතාව දාල ඇතුලට ගියා..check කරනව කිව්වට සිරාවට බලන්නෙ නෑ නේ..අනික මම prefect කෙනෙකුත් නේ.. ;D  අල්ලගත්තෙ නැද්ද මාව.. “කෝ student Record book එක?” “ගෙනාවෙ නෑ sir”  “යනවා ඉස්කෝලෙන් එලියට.., SRB එක නැතුව ඇතුලට ගන්නෙ නෑ”…කෙල්ලත් බලාගෙන ඉන්නවා මම එනකල්.. ඉතින් මොනා කරන්නද? bus එකක එල්ලිලා Mt. වලට ගිහින්, Templers road එකේ යන bus එකේ තනිකකුලෙන් එල්ලිලා ගෙදර යනකොට දාඩිය ගඳේ බෑ…. පොතත් අරන් ඉස්කෝලෙ ලඟට ඇවිත් සික්කට call කරලා ඇහුවා check කරලා ඉවරද කියලා.. ඔව් කිව්වමයි ඇතුලට ආවෙ.. දවසම චාටර් …අදම ගිහින් කොන්ඩෙ කපනවා මිස්.. නැත්තන් අරෙහෙන් මෙහෙන් කැපුවම පාරෙ බැහැලා යන්න වෙන්නෙ නෑ..”

*** “අනේ මිස් මේ බලන්න, කොන්ඩෙ කපපු හැටි.. ඒ මදිවට බෙල්ල පුරාම කසනවා.. අනේ ඉන්න බෑ මිස්.. මොනා හරි කරන්නකෝ..” powder ටිකක් තිබ්බනම් හරි” “powder කොහෙන් හොයන්නද මිස්?” “මගේ pink powder  එක තියනවා කමක් නැද්ද?” ‘මොකක් හරි.. කමක් නෑ..” ඉතින් මම මගේ pink powder එක බෙල්ලෙයි , කන් දෙකෙයි, මූණෙයි ගාලා කෙස් කොට ටික ඇරියා.. ඔතෙන්ට ආව තව ළමයෙක්..”ආආආආයී…*** සුදු වෙලා.. u look so gay with pink powder”  :@

*** “මොනාද පුතා මේ සපත්තු දෙකේ හැටි? ” ඇයි sir?” “මේ බෝට්‍ටු ඉස්කෝලෙට දාන්න බෑ නේ.. ගලවනවා ගලවනවා!!!”

*** “uniform එක කොට වැඩියි.. අතන වාඩිවෙලා, වාටිය ගලවලා එන්න….”

*** “ඔය ඉස්සරහා තියන කෑලිටික පස්සට පීරලා කොණ්ඩෙ බඳින විදිය කියා දෙන්න ඕනෙද..”

*** “මොකද මේ eye liner ගාලා?”, “ඊයේ පාටි  එකකට ගියා මිස්… ඒ ගමන්..”,  “ඇයි උදේට ඔයා මූණ හෝදලා නෙවෙයිද එන්නෙ? ගේන්න tissue එකක්.. මම eye liner යවන හැටි කියාදෙන්න..”

කොහොම හරි අද දවසට hair cuts 70යි..

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in teaching. Bookmark the permalink.

4 Responses to ඉස්කෝලේ පළවෙනිදා…..

  1. හික් හික් මේ 4න් එහෙම චෙක් කලේ නැ??අපේ නම් පලවෙනි දවසෙම 4න් 5ක් විතර පොලෙ ගැහුවෙ නැත්නම් බොසාගෙ හිතට හරි නැ!!

    • apzi says:

      අපේ එච්චර දරුණු නෑ… office එකේ තියාගන්නවා term එක ඉවර වෙනකල්… එච්චරයි

      • හික්ස් අපෝ ඒ හොදටම මදි අපේ වගේ හොයාගන ගිහින් පොලෙ ගහන්න ඕනි!!…..අපිනම් කියන්නෙ මිනිහා ඉපදෙනකොට ඩොකා 4න් එකට ආන්සර් කරන්න ගිහින් ඉපදුනු නැකත පහුවෙලා කියලා ලොල්!! 😛 😛

  2. nish says:

    මොකක්ද අප්පා ඔය ඉස්කෝලේ අපොයි අපිටවත් නොතිබුන නීති නේ මේවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s