මාව මතක තියාගන්න…

පහු උන සති කීපයෙම හිටියෙ පුදුම වැඩ ගොඩක.. පොඩි උන්ටික exams වලට ගියා.. එයාලට වඩා බයවෙන්නෙ මම.. අවුරුදු 16ක් උගන්නලත් තාමත් exams කියන්නෙ හරිම stress full කාලයක්,, සමහරවිට ඒ ළමයින්ගෙ හිත් සැලෙන හැටි, බලාපොරොත්තු වෙනදට වැඩිය මට දැනෙන නිසා වෙන්න ඇති.. කොහොමත් ගොඩක් සංවේදී උනාම ප්‍රශ්න වැඩියිනේ…

මම ඉතින් දිගට හරහට films බලාගෙන බලාගෙන ගියා… හිතට කරදර වැඩි උනාම කරන එකම දේ ඒක.

ඒත් මම වැ‍ටුනේ හරිම අමාරුවක.. මොකද බලපු එක film එක දවස් ගානක් මගේ හිතේ වැඩ කරපු නිසා..

ළමයි දෙන්නෙක් තමන්ගෙ තාත්තගෙ ආදරය වෙනුවෙන් කරන මානසික අරගලයක්.. තාත්තා අම්මාගෙන් වෙන්වෙලා හිටියත් සල්ලි අතින් ලමයින්ට කිසි අඩුවක් කරේ නැතත්.. තමන්ගෙ ළමයින්ට සවන් දෙන්න.. එයාලත් එක්ක විනෝද වෙන්න.. එයාලට ආදරය කරන්න.. තාත්තට වෙලාවක් නෑ. පොඩි ළමයා විශාල මානසික පීඩනයකිනුත් ලොකු ළමයා තාත්තගෙ ආදරය වෙනුවෙන් සටන් කරන තත්වයකටත් පත් වෙනවා.. තාත්තා මේ ලමයින්ව අඳුරගන්නකොට ලොකු පුතා සිය දිවි නසාගෙන.. දෙවනියා තමන්ගෙ ඇස් ඉස්සරහා මැරිලා.. තුන්වෙනි දුව මානසිකව හොඳටම වැටිලා…(බලන්න මෙතනින්…. )

මගේ  වටේ ඉන්න ළමයි කී දෙනෙක් මේවගේම තමන්ගෙ අම්මගෙ තාත්තගෙ ආදරය වෙනුවෙන් හඬා වැටෙනවද?

සමහර අය ගොඩක් දඟයි.. සමහර අයට දරාගන්න බැරි  තරමට තරහා යනවා, සමහර අය දකින දකින කොල්ලො එක්ක, කෙල්ලො එක්ක affairs පටන් ගන්නවා, තව සමහර අය බොරු කියනවා.. නියපොතු කන එහෙම නැත්තන් වැඩකර කර ඉඳලා එකපාරට පන්තියෙ වැඩ පැත්තක තියලා කථාකර කර ඉන්න හදන ලමයෙක් ඉන්නවානම් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් තියන ළමයෙක්.

මේ හැම වෙලාවකම මම පුදුම විදියට අසරණ වෙනවා. මොකද අවුරුදු 12ක 13ක ළමයෙකුට සමාජයගැන.. මිනිස්සුන්ගෙ අවශයතාගැන අවබෝධයක් දෙන්න හරිම අමාරු නිසා. එයාලා ගොඩක් වෙලාවට තමන්ට ආදරය නොලැබෙනකොට, කරන්නෙ වෛර කරන එක. ඒ වෛරයට ලක් වෙන්නෙ තමන්ගෙම අම්මා හරි තාත්තා හරි නම්.. ඒ තත්වය හරිම සංවේදියි නේද?

මම කතාවක් කියන්නම්..ඒ පුතාට ගෙදර තියන තත්වය කොච්චර දරුණුද කිව්වොත්.. තාත්තා එක්ක එකට කෑම කාපු එක දවසක් වත් මතක නැති තරම්.. අම්මා පිටරට.. ඒ නිසා මුනගැහෙනෙ නිවාඩු කාලෙට විතරයි. ඒත් එයා අම්මා ලඟට යන්න කැමති නැත්තෙ අම්මා නිතරම  “මම කරපු ලොකුම වැ‍රැද්ද ළමයි හදපු එක” කියලා කියන නිසා.. ඒ වගේම අම්මාගෙ ජීවිතේ ඉන්න අනිත් පිරිමි යාළුවන්ට තියන අකමැත්ත. ගෙදර ගියාම කාමරේට වෙලා දොර වහ ගන්න මෙයා පහුවදා ඉස්කෝලෙ එනකල් ඉන්නෙ ඒ කාමරේ ඇතුලෙ. ඔක්කොම අවශයතා කියන්නෙ,driver ට.කොයි තරම් යාන වාහන තිබුනත්.. අතෙ සල්ලි තිබුනත්.. තම්න්ට ඔනෙ කියලා හිතන හැම දේම තිබුනත්.. මේ ළමයින්ගෙ හිත් ඇරලා බලන්න පුළුවන් උනදාට ඒ අම්මලා තාත්තලාට මොනවා හිතේවිද?? අපි දුක් ගන්නාරාළලා විතරයි..

දවස පුරාම ළඟ තියාගෙන හුරතල් කරකර හිටපු ඒ වගේ ළමයෙක් මේ සැරේ exam  එකට ගියේ කකුල්දෙක අතගාලාම වැඳලා.. “මිස් නැත්තන් මම මෙතන නෑ” කියලා….ගුරු ජීවිතේ තියන සතුට තමයි ඒ..

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

3 Responses to මාව මතක තියාගන්න…

  1. NIsh says:

    මුකුත් කියන්න හිතෙන්නෙ නෑ අප්පා………………………….

  2. bckurera says:

    කතාව ඇත්ත. දෙමාපියන් එක්ක දරුවන්ගේ තියෙන ප්‍රශ්න ගැන මීට ව්ඩා අවධානයක් දෙන්න ඕනේ. සල්ලි පස්සේ යන මිනිස්සු ලග තමා මේ ප්‍රශ්න ඔක්කොම, දිලිදු පැල්පතක මීට වඩා ලමයින ආදරයක් තියෙන්න පුලුවන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s