වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම හිත රිදෙන්නෙ ඇයි…

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම දුක්විඳින අය තමන් වටේ ඉන්න අය සතුටින් තියන්න හැමදේම කරනවලු…

කොච්චර ඇත්තක් තියනවද මේ කියමන් 2ට?

කොච්චර උඩ පැන්නත් යථාර්තයට මුහුණදෙන්න පුලුවන් කියලා.. කොච්චර කිව්වත් වෙන දේවල් වලට හිත රිදෙන්නෙ නෑ කියලා.. ඒක කොයිතරම් ලොකු බොරුවක්ද?

ලඟට වෙලා ඉඳලා ගිය වෙලාවෙ ඉඳලා හිත කීරි ගැහෙන එක නවත්තන්නෙ කොහොමද? දන්නෙ නෑ..

mobile එක දිහා බලාගෙන භාවනා කරන්වා ඇරෙන්න කරන්න පුලුවන් එකම දේ හිතට එනදේ ලියන එක විතරයි..

තනිකම පාළුව කියනදේවල් නැතිකරන්න කරන්න පුළුවන්දේ කියන්න.. හිත ගල් කරගන්න කරන්න පුළුවන්දේ කියන්න..පිනක් වෙයි…

මම හොඳටම දන්නවා ඔයා මගේ blog එක කියවන්නෙ නෑ කියලා.. මගේ හිතට එනදේ කියන්න පුලුවන් එකම තැන මේක උනේ ඒකයි…

Advertisements
Posted in සිතුවිලි | 4 Comments

උපන්දිනය…

කෙනෙකුට අවුරුද්දකට සැරයක් එන වැදගත්ම දවස විදියට මම කියන්නම්…  මම දන්න තරමට පිරිමින්ට වඩා ගැහැණු මේ දවස ගැන හිතනවා. ගැහැනියෙක් තමන්ට හැමදාම ආකර්ශනය කරලා තියාගන්න එක විදියක් තමයි, reminder  එකක් දාලා හරි එයාගෙ උපන්දිනය මතක තියා ගන්න එක.

හැබැයි ඉතින් “මතක නැද්ද? මගේ birthday එක අද” කියනකල්ම හිටියා කියන්නෙ I m disappointed at you කියලා කියන ගමන්මයි…ඔතන තමයි ගොඩක් පිරිමි අනාගන්න තැන. ( උපන්දිනේ විතරක් නෙවී ඉතින් හැම විශේෂ දවසකටම මේක apply වෙනවා…)

ඊලඟ ප්‍රශ්නෙ “මොනවද අරගෙන දෙන්නෙ?” කියන එක..

වැදගත්ම දේ card එක. හොඳ verse එකක් print කරපු card එකක්..

ඊ ලඟට gift එක.. මම අදහස් කීපයක් කියන්නම් ගෑනු ළමයෙකුට gift එකක් ගන්න උදව්වෙන.. කොල්ලෙකුටනම් ඉතින් card  එකක් විතර ගොඩක් වෙලාවට ඇති.. 😀

ගන්න තෑග්ග ගෑනු ළමයෙකුට ගැලපෙන හා වැදගත් තෑග්ගක් වීම..( dog tags ගැන හෙම හිතන්නවත් එපා ;D )

සමහරු ගෙදරට අවශ්‍ය දෙයක් අරගෙන දෙනවා.. ඒත් මේ එයාගෙ විශේෂම දවස.. අරන් දෙනදෙය එයාට විතරක් පාවිච්චි කරන්න පුලුවන් දෙයක් වෙන්නම ඕන. මේ husbandsලා කරන common mistake එකක්… blender එකක් අරන්දීලා happy birthday කියලා.. මූණදිහා හොඳට බලාගෙන ඉන්න.. :ඪ් ..මොකද වෙන්නෙ කියලා හොඳටම පෙනෙයි එතකොට…

Tickets හරි passes හරි දෙනවානම් 2ක් දෙන්න.. මොකද තනියම යන්න girlsලා කැමති නැති නිසා.. (මට මේ වැඩේ හරියට වෙලා තියනවා)

ඊ ළඟට perfume .. මම නම් කියන්නෙ තමන් දන්නෙ නැත්නම් girl පාවිච්චි කරන perfume එක මොකද්ද කියලා නොගෙන ඉන්නවානම් හොඳයි..මොකද සමහර perfumes තියනවා නහය ලඟට ගන්න බැරි  🙂

අනිත් එක ඇඳුම්.. දන්නවානේ ගෑනු ළමයිව සතු‍ටු වෙන ඇඳුමක් ගන්න එක කොච්චර අමාරුද කියලා..( මගේ ලඟ සාරි ගොඩක් තියනවා මේ වගේ.. කාටවත් දෙන්නවත් හිතෙන්නෙ නැත් තරමටම ලස්සනයි :).. ) ඇඳුමක් දෙන්නම ඕනෙ නම් gift voucher එකක් දෙන්න. …

කෙල්ලෙක්ව තරහා කරගන්න ඕනෙනම් gift  එකක් දීලා.. Anti-wrinkle cream එකක්, breast enlargement cream එකක් හරි stretch mark remover එකක් හරි දෙන්න .. පහුවදා ඉඳලා මූණ බලන එකක් නෑ..

දැන් හිතයි apziට මොකද්ද මේ උපන් දින තෑගි ගැන ලියන්න හිතුනේ කියලා.. හ්ම්ම්ම් .. ඉන්න යාළුවෝ ටිකත් මේ සති අන්තෙදි තරහා කරගන්න ඔනේ නැති නිසා.. 😀 😀 😀

Posted in fun කතා | 8 Comments

…..

මාසේ පඩිය අතට ගත්ත දා….

Posted in සිතුවිලි | 4 Comments

මගේ සිහිනය…

එක සැරයක් මට මතකයි එයා කියනවා..

“මගේ ඇඟ එක්තරා විදියක මතකසටහන් පොතක්.. නාවිකයන් හැම පච්චයකින්ම කථාවක් කියනවා වගේ මගේ ජීවිත මතක සටහන් තියා ගත්තෙ ඇඟේ..ඒ සටහන පිහියකින් මමම කරගත්ත එකක් හරි වෘතිමය නිර්මාණ ශිල්පියෙක්ගෙන් හරි වෙන්න පුලුවන්…”

කවුද මේ??? apziගෙ හිතේ වැඩිම කාලයක් හිටපු එකම පිරිමියා.. 😀  (දැන් අහයි ඇයි අනිත් අය ???) මම මෙයාට ආදරය කරන්න පටන් ගත්තෙ හමුදාවෙ ඉන්නවා (Platoon) දැක්ක දවසෙ ඉඳලා.. (කොහොමත් apzi ට පොඩි uniform පිස්සුවක් තියනවා..) ඒ විසේකාර චරිතය දැක්කම තව ටිකක් විස්තර හොයන්න පටන් ගත්තමයි දැනගත්තෙ හොඳට සින්දු කියන්නත් පුලුවන් කියලා..

ඊට පස්සෙ මම ආයිත් එයාව දකිනකොට එයා ගගනගාමියෙක්(The Astronaut’s Wife).. මට හැමවෙලාවෙම දකින්න බැරි අපි ගොඩක් දුර ඉන්න නිසා.. ඒ දවස් වල ඉතින් internet එහෙම තිබුනෙ නෑ නෙ..

ඊට පස්සෙ දුර්ලභ පොත් එකතු කරන්නෙක්(The Ninth Gate) හැටියටත් අහිකුණ්ටකයෙක්(Chocolatහැටියටත් හිටපු එයා එක පාරටම මුහුදු මංකොල්ලකාරයෙක්(Pirates of the Caribbean) උනා.. මුළු ලෝකෙම එයාව අඳුරගත්තෙ මංකොල්ලකාරයෙක් විදියට..

ඔයිට පස්සෙ නවකථා කාරයෙක්(Finding Neverland), මානසික රෝගියෙක්(Secret Window), වංශවතෙක්(The Libertine), චොකලට් කර්මාන්තශාලා හිමියෙක්(Charlie and the Chocolate Factory), කරණවෑමියෙක්(Sweeney Todd: The Demon Barber of Fleet Street), අපරාධකාරයෙක්(Public Enemies), පිස්සු තොප්පිකාරයෙක්(Alice in Wonderland) හා ඔත්තුකාරයෙක්(The Tourist) උනත්.. හැමදාම මිනිස්සු දැක්කෙ එයාව  මංකොල්ලකාරයෙක් විදියටමයි..

ඇයි මම මේ මංකොල්ලකාරයට කැමති?? ඇඟේම තියන හැකියාවට විතරක් නෙවෙයි, මම දකින හිතුවක්කාර කමට, ප්‍රංශකාරයන්ගෙ උපතින්ම තියන නපුරුකමට.. ආකර්ශනයට..

ඒ වගේම ඇඟ පුරාම ගහපු තේරුමක් තියන tatoos වලට…

මම ආයිත් මැයි 20 වෙනකල් බලගෙන ඉන්නෙ එයා ආයිත් එනකල්..(ඒත් මට එයාව දකින්න වෙන්නෙ තව මාසෙකට විතර පස්සෙ) ඊට කලින් කවුරුහරි එයාව දැක්කොත් මට කියන්න….

Posted in සිතුවිලි | 3 Comments

කෙල්ලන්ට ඕනේ මොනවාද????

මට request එකක් ආවා කෙල්ලො කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා කියන්න කියලා.. ඒ කියන්නෙ relationship  එකකදි…

1. වෙලාව – කෙල්ලො හැම වෙලාවෙම තමන් තම්යි කොල්ලාගෙ ජීවිතේ වැදගත්ම දේ කියලා දැනෙනවාට.. පොඩ්ඩක් යාළුවො එක්ක ‍රැ‍ඳෙන කාලෙ සීමා කරලා ඉන්න පුලුවන් නම් කෙල්ලත් එක්ක… ideal. ඒත්.. සමහරු කෙල්ලට මේක වදයක් වෙන තරමටම ලඟට වෙලා ඉන්න බලනවා.. මේහෙම නොකර එයාට තමන්ගෙ යාළුවො එක්ක, එයාගෙ family එකත් එක්ක ගෙවන්නත් ඉඩ දෙන්න ඔනේ..

2. අවංකකම සහ විවෘත බව -කෙල්ලො අකමැතියි තමන් ඉන්නෙ බොරුවක කියලා වත් තමන් ඕනෙවට වඩා ඉහල තෙනක තියන්න හදන එකටත්… පිරිමින්ට පුලුවන් වෙන්න ඔනේ තමන්ගෙ partner එක්ක තමන්ගෙ හැඟීම් බෙදාගන්න, messages වලට reply කරන්න, කෙල්ල අහනදේ වල් වලට උත්තර දෙන්න.. ඒ “මට වඩා එයා ලස්සනයි නේද?” වගේ ප්‍රශ්නෙකට උනත්..කෙල්ලො කෙමතියි වැ‍රැදි පිලිගන්න , තමන්ට වද දෙන ප්‍රශ්න කතාකරන පිරිමින්ට…

3. ආරක්ශාකාරී හැඟීම –  කෙල්ලො කැමතියි ත්මන්ට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙකුට.. ඕන දේකදි තමන්ට ‍රැකවරනය දෙන්න පුලුවන් කෙනෙකුට..මේ තමන් හැමවෙලාවෙම අඬවන්නෙ නැති බව වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට..

4. care– කෙල්ලන් සමහරවිට “ඇණයක්” වෙනවා ඕනවට වඩා care  කරන්න ගියාම.. ඉතින් ඒක ආදරයෙදි බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක්..බලාපොරොත්තු SMS එකකින් මේ දේ කරන්න පුලුවන් ලේසියෙන්ම..

මගේ යාළුවෙක් alarm තියාගෙන ඉන්නෙ SMS යවන වෙලාව.. හිටපු ගමන් කතාකර කර ඉන්න වෙලාවෙ alarm  එක වදිනවා..මිනිහා SMS ගහනවා.. කෙල්ල මාර love 🙂 ඌට වැඩ වැඩි උනාම මමත් කෙල්ලට message  කරලා තියනවා.. වැදගත් දේ තමන් හැමවෙලාවෙම කොල්ලගෙ මතකයේ ‍රැඳිලා ඉන්නවා කියන feelingඑක..

5. බලාපොරොත්තු නැතිදේ කිරීම – ගොඩක් වෙලාවට, කෙල්ලො ගොඩක් දේවල් බලාපොරොත්තු වෙලා අන්තිමට එපාවෙලා ඉන්න වෙලාවල් ඕන තරම් තියනවා.. කොල්ලන්ට පුලුවන්නම් බලාපොරොත්තු නොවුන වෙලාවක තමන්ගෙ කෙල්ල වෙනුවෙන් යමක් කරන්න.. ඒක තමා relationship එකක වැදගත්ම දේ…ඉඳල හිටලා කෑමකට එලියට අරගෙන යන එක, shoulder massage එකක් දෙන එක වගේම බැරිමරගාතෙ හරි love letter එකක් ලියන්න පුලුවන්නම්…

කෙල්ලො කියන්නෙ හරි සරළ ජාතියක්.. පිරිමි විහින්මයි අපිව complicate කර ගන්නෙ.. කරන්න චූටි දේවල්.. නිතර කෙල්ලව හිනාගස්සන්න.. සල්ලි ගොඩක් ඕන නෑ.. ඉඳලා හිටලා අහඹු වෙලාවක දෙන kiss එකකට relationship එකක් ගොඩක් දුර ගෙනියන්න පුලුවන්…

Posted in සිතුවිලි | 6 Comments

ශානි…

මල්ලි: අම්මි .. මම ශානිව marry කරන්නද?… කවදාහරි???

අම්මි: කමක් නෑ පුතා.. ඒත් marry  කරන්න කලින්, හොඳට ඉගෙනගෙන.. හොඳ රස්සාවක් කරන්න ඕන නේද? ගෑනු ළමයි හරි expensiveනේ.. ඔයාට හොඳට සල්ලි තියෙන්න ඕන marry  කරන්න කලින්..

මල්ලි: ඉතින් මට සල්ලි නැති උනොත් අම්මිට වගේ.. ශානි මගේ wife වෙන එකක් නැද්ද?

අම්මි: හ්ම්ම්ම්ම්ම්.. සමහරවිට..

මල්ලි: ඉතින් මට තව ගොඩක් කල් ඉගෙන ගන්න වෙනවානේ..(කල්පනා කරයි)

අක්කි: ඒකනේ මම ඔයාට කිව්වෙ alpabet එකයි numbers නුයි පාඩම් කරන්න කියලා…

මල්ලි: අක්කි මේ.. දැන් මම ඉගෙනගත්තා කියමුකෝ.. සල්ලි ගොඩක් හෙව්වා කියමුකෝ.. ශානිගෙ තාත්තා දන්නෙ කොහොමද මගේ ගැන?

අක්කි: හරි හරි.. අපි පත්තරේ දාමු..” සවී දැන් හොඳ job එකක් කරනවා.. සල්ලි ගොඩක් තියනවා” කියලා..photo එකක් එක්ක..

මල්ලි:(හිනාවෙමින්) එතකොට ශානිගේ තාත්තා මට කතා කරලා කියයි ..now you can marry shani”  කියලා…

අක්කි: හ්ම්ම්ම්.. දැන් පාඩම් කරනවාද?

අක්කිට අවුරුදු 6දීත්… මල්ලිට අවුරුදු 5 දීත් ය…

Posted in fun කතා | 5 Comments

කො‍ටු පැනිල්ල

මට හිතට ආපු දෙයක් ඒ විදියටම කතාකරන්න පුලුවන් එකම තැන මේ.. හ්ම්ම්ම් නිදහස් අඩවිය..ඉතින් මාව judge කරන්නෙ නැතුව මේ ලියන එක ගැන comment කරයි කියලා මම හිතනවා…

“කො‍ටු පැනිල්ල”… මොකද්ද කියලා දන්නවනේ… ඇත්තටම ඇයි මේ තරම් “කො‍ටු පනින්නෙ? තමන් ගොඩක් ආදරය කරන පරිසරයක් තියෙද්දිත්.. තමන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්, ගෙදරක් කියන්න පුලුවන් තැනක් තියෙද්දිත් මේ කරන කො‍ටු පැනිල්ල ගැන ඇත්තටම මොකද හිතෙන්නෙ?

අපේ අර සත්ව ගතිගුණ එලියට ඒමක්ද නැත්නම් මිනිස්සු අතර අන්තර් සඹඳතා අඩු වීමෙන් ඇති වෙච්ච දෙයක්ද .. එහෙම නැත්නම් fasion එකක්ද?

කොහොම උනත් අන්තිමට අසරණ වෙන්නෙ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනා.. කියලා දැනගත්ත ගමන් මේ සෙල්ලම ගොඩක් වෙලාවට නතර වෙනවා.. ඒ වෙනකොට් හානිය වෙලා ඉවර බව ගොඩක් අය තේරුම් අරගෙන නෑ….

Posted in සිතුවිලි | 13 Comments